hot gossips

Monday, March 17, 2014

අධිවේගයේ අනතුර - කුඩා දැරියක මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කුඩා දැරියක මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබේ.

ගාල්ල සිට කොට්ටාව දෙසට ධාවනය වු ලොරි රථයක, පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කළුතර සහ බණ්ඩාරගම රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව වයස අවුරුදු දෙකහමාරක කුඩා දැරියක මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් දොඩංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment